Wednesday, 18 July 2018

ආත්මීය සෙනෙහස




නොරිකෝට දෙවොන්දරාසං හිමි වූවානම්
එය ආදර ගීයක් නොවෙනු ඇත
පෙම්වතුන්ගේ දිනපොතක,,,
ධම්මි සුගත් තනි නොකලා නම්
ඔබත් මමත් ඔවුනට මෙතරම් බැඳෙනු නැත,,,
පුණ්‍යා සහ වගීස දිසානායක එක් වූවානම්
ඔබත් මමත් ඔවුන් ලයට තුරුලු කරගනු නොමැත,,,
දේව්දාස් පාරෝට ආදරේ කලේ පණ ටික
උන්මන්තකයෙක් ලෙස පූජා නොකරනම්
ඔවුන්ගේ ප්‍රේමය අපට සිහිවන්නෙද නැත,,,
මහලු දුයිශෙන්ට අල්තිනායී ආලය නොකලානම්,
ඔවුන් හදවතේ සදාතන මතකයක් නොවෙනු ඇත,,,
ඉතින්
---------------
ඔබටත් මටත් එක්වීමක් කුමකටද?
සහතික වුනු කොලයක් මත අත්සන් තබා කුමකටද,
ආත්මයේ හැම අහුමුල්ලකම ලේ වලින් ලියූ සෙනෙහසකට,
එක්වීම අපේ සරලයි නම්
පෙම්වත,,,
ඉසුරුමුණි පෙම්යුවළද එක්වුවන්
නොවේයැයි මට සිතෙමි
ඔවුන් එක් වූවානම්
ඔවුන් ගල් මත කැටයම් වන්නෙ නැත,,,
ඉතින්
----------------
එක්වූ ආත්මයන්ට,
භෞතික නාමයක් නොදෙන්න
අප එක් නොවනතාක්,,,
අප වෙන්නොවේ,,,
එතෙක්
-----------------
ජීවත්වෙන්න තිබුණානම් හිමි වී,
අහිමී යන පෙම්වතුන් ලෙසින්
ආත්මීය සෙනෙහසින්
මතකයක් වී,,,
❤️❤️
එයාගේ
Viraj hewage

No comments:

Post a Comment

විඩාබර දිවිය

hadagassmauok.blogsport.com