Wednesday, 18 July 2018


ගණිකාවද ම්නිසෙකි.............

ලෝකය ව්විධ ආකරයෙන් ආරම්භ විය යැයි විවිධාකාර මත තිබේ,ඒ කේසේ වුවත් මේ ලෝව කුඩා දරුවෙකු එළිය දකින විට ඔහු දොස්තර මහතෙකු,ඉංජිනේරුවෙකු,ගුරුවරයෙකු,සෝරේකු,මිනිමරුවෙකු ,ගණිකාවක් ලෙස නූපදි මේ ලෝකය විසින් පුද්ගලයන් මෙයාකාරයට වර්ග කිරිමකට ලක් කරනු ලැබුවාද ,කිසිදු පුද්ගලයෙකු ට ඇවැසි නැත සොයා බැලිමට සමාජයේ විවිධ උසස් පහත් පැතිකඩ නිර්මාණය වුයේ ඇයි ද යන්න,

සබද මට සොයා බැලිමට අවශ්‍ය විය ගණිකාවද මනුෂ්‍යත්වය ලැබු අයෙක් ද යන්න ,

ලදුනේ ලදුනේ නුබේ දෑස දැකගත්තේම් සෑදෑ කලක ලදුනේ
දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ
ඈය නෑකම නොකියන ලදුනේ

තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමන් වන 
ඔබේ දෑස දැක ගත්තෙමි සෑදෑ කලක ලදුනේ
බුදුන් දැක නිවන් දක්මයි 
දෙව්රම වෙත පාර ආසන ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියෙකි

අද කතා කරන්නේ සබද කාන්තාව පිළිබදව,ගණිකාව යන ගැහැණිය එළි බසින්නේ බෝහෝ විට රාත්‍රියටය,ඒ ඇය නීශාචරයෙක් නිසා නොව,ජිවිත විමට මාර්ගයක් සොයා ගෙනය ,සීගීරි ගී වල පවා කාන්තාව වනාහී සුකුමොල ගති ඇති උපතින්ම අහිංසක පිරිසක් ලෙස නම් කර ඇත ,එහෙත් කේදයට කරුණකි කාලිදාස සකුන්තලා නාට්‍යයේ කියනා පරිදි උපතින් ම ලැජ්ජා ගති ඇති ස්ත්‍රීන්ට ඇති යැයි යනුවෙනි ,එහෙත් දුකට කරුණකි ඇයි මෙයාකාරයට ලැජ්ජා ගති ඇති ස්ත්‍රීය මෙවැනි රැකියාවක යෙදෙන්නේ යන්නයි,එය සමාජයේ වැරද්දක් නොවේද?
අමරසිරි පීරිස්ට වාගේම මටත් හැගෙනවා ඇය මොන දේ කරත් කරන්නේ යම් උදාර අරමුණක් සිතේ තබා ගෙන විය හැකි බව,ඇය මත්ද්‍රව්‍යය පානයට හෝ සූදුව වෙනුවෙන් රතී ක්‍රිඩාවේ නොයදේ,සමාජය විසින් නිර්මාණය කර දී ඇති ගැටලු නිසා ඇය ඇග විකුණා ගත මානවක් සොයා ගනී,හැබැයි ඇය මොන දේ කලත් නිවන් මගට යෑමට ඇති මාර්ගය විවර කරගන්නවා දිනක නියතය

පිරිම්න්ගේ පාප කදට දෝස විදින ලදුනේ 
අදුරේ පවි කරන දනා එලියේ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපැනෙන ලදුනේ
කුහුබුවකට වරදක් නැති වැරදිකාර ලදුනේ

කාන්තවක් ගැහැණියක් වෙනුයේ පිරිම්යෙකු සමග සංසර්ගය කල විට පමණකි,එමෙන්ම ගැහැණියක් ගනිකාවක් වනුයේ පිරිමින් ඇයව ඇසුරු කලහොත් පමණකි ,ඇයගේ ශරීරයට ලංසු තිබුවොත් පමණි,අපේ මිනිසුන්ට හද දුටු විට අමුතු මෝරල් එකක් එයි එහෙත් දහවල ඔහුන් බෝහෝමයක් සැදැහැවත් උත්තමයන් ලෙස හැසිරෙයි,මා දන්නා කාන්තවක් ගණිකාවක් විමට මුලිකම් හේතුව ඇගේ පියාය,ඒ කතාව කීමට ඇවැසි උවත් වචන ප්‍රමාණය කතාව ලඝු කිරිමට බලකිරිමට තරම් ප්‍රබල වි ඇත,අවසාන වශයෙන් කිමට ඇත්තේ විවිධ පාට කන්නාඩි ගලවා දමා මනුෂ්‍යත්වයේ කන්නාඩිය දමා ලෝකය දෙස බලන්න යනුවෙනි එයයි මිනිසත් බව

No comments:

Post a Comment

විඩාබර දිවිය

hadagassmauok.blogsport.com